Skip to main content
විශේෂාංග දැක්ම

මාස්ටඩන් හි සත්‍යාපනය

මාස්ටඩන් හි අනන්‍යතාවය සත්‍යාපනය හැමෝටම පොදුය. විවෘත වියමන ප්‍රමිතීන් මත පදනම්ව සැමදා නොමිලේ.

පෞද්ගලිකත්‍ව හිතකාමී

ඔබගේ ලේඛන කොතැනකටවත් ඉදිරිපත් කිරීමට වුවමනා නැහැ, එබැවින් ඒවා කිසිවෙකු අතට පත් නොවේ.

හැමෝටම

ඔබගේ අනන්‍යතාවය සත්‍යාපනයට ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙක් විය යුතු නැත. ඔබට වුවමනා වන්නේ අඩවියක් හෝ වියමන පිටුවක් පමණි.

විමධ්‍යගත

මධ්‍යම අධිකාරියක් විශ්වාස කිරීමට වුවමනා නොවේ. සත්‍යාපනය ඕනෑම වේලාවක අතින් තහවුරු කිරීමට හැකිය.

නිල් චිහ්න නැත

අනන්‍යතාවය ඇත හෝ නැත ප්‍රශ්නයක් නොවේ. ලෝකයේ සැබවින්ම අද්විතීය නම් කිහිපයක් තිබුණ ද ප්‍රසිද්ධ අයට පමණක් "ඇත" විය යුතුද? නීත්‍යානුකූල නම් සහ නිල් චිහ්න නොව ඒ වෙනුවට නිල අඩවි මගින් පුද්ගලයින් හඳුනාගත හැකි බව මාස්ටඩන් හි අපගේ විශ්වාසයයි.

කෙසේදැයි මෙතැන

ඔබගේ අඩවියේ හෝ පිටුවේ මාස්ටඩන් පැතිකඩට අදාළ සබැඳියක් සඳහන් කරන්න. වැදගත් කොටස නම් එම සබැඳියෙහි rel="me" අඩංගු විය යුතුය. ඉන්පසු ඔබගේ මාස්ටඩන් පැතිකඩ සංශෝධනය කර අඩවියේ හෝ පිටුවේ ලිපිනය ඔබගේ පැතිකඩෙහි ක්‍ෂේත්‍ර හතරෙන් එකකට දමා සුරකින්න, එපමණයි!